පළාත් පාලන මැතිවරණ පොරය නිල වශයෙන් ඇරඹීමට තවත් ඇත්තේ දින දෙකක් පමණි. නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව එළඹෙන්නේ එකම පක්ෂයක අපේක්ෂකයන් ජනතා සේවයට තම ධනය හා දහදිය හෙළීමට ඇති අවංක හා නිර්ලෝභී කැපවීම වෙනුවෙන් ගහ මරා ගන්නා සමයයි. මහ මැතිවරණයේදී මෙන්ම ජනාධිපතිවරණයේදීද තම පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කළ පාක්ෂිකයන් වූ අපට ප‍්‍රාදේශීය සභාවට, නගර සභාවට පත් වී ජනතාවට සේවය කිරීමට ඉඩ නොදුන්නේ යැයි ප‍්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට හා ඇමති, නියෝජ්‍ය ඇමති වරුන්ට ටිකට් එක නොලැබී අපේක්ෂා භංග වූ සිහින අපේක්ෂකයන් දෙහි කපනු වටින් ගොඩින් අසන්නට ලැබේ.


හන්දියක් ගානේ ඇවිදිමින් අපේ ඇමතිතුමා මෙහෙමයි අරමයි කියමින් බැනුම් අසමින් ජනතාව කිසිදා නොදුටු අහසින් වැටුණු අපේක්ෂකයින්ට ඡුන්ද ලබා දීමට වෙහෙසුණු මිනිසුන් එසේ කරන්න්ට ඇත්තේ එළඹෙන පුංචි ඡුන්දයෙන් මනාප දෙතුන්දාහක් ලබා ප‍්‍රාදේශීය සභාවට පත්වීමට මිස කසනවාට නොවන බව සියළු දෙනා දනිති. අවසානයේ තමන්ට ඡුන්ද අපේක්ෂකත්වය අහිමි වීම නිසා සිත කණස්සල්ලට පත් සැබෑ ජනතා ඇසුරෙහි උන් ගමේ ගොඬේ ප‍්‍රශ්න යන්තමින් හෝ හඳුනන ඇත්තන් දේශපාලන වශයෙන් කල්ලි ගැසී මෙවර සැරසෙන්නේ ඡුන්ද කැඞීමේ කටයුත්තට අත ගැසීමට මිස ප‍්‍රාදේශීය වශයෙන් ස්ථාවර දේශපාලන බලවේගයන් නිර්මාණය කිරීමට නොවේ.


තමන් හඳුනන, දන්නා කල සිට දේශපාලකයන් හඳුනන, උන්ට කඬේ යන, ප‍්‍රදේශයේ නම ගිය චරිත ප‍්‍රාදේශීය දේශපාලනයෙන් අතු ගෑවී යන කළ ජනතාව සිතන්නේ උන්ට එහෙම කළා නම් අපට කොහොම කරාවිද කියාය. ජනතාව එසේ සිතීමේ කිසිඳු වරදක් නැත. ඇමති තුමාගේ නංගිගේ පුතාට, මන්ත‍්‍රී තුමාගේ අක්කගේ දූ බඳින්න ඉන්න කොල්ලට ටිකට් එක ලැබුණාට ජනතාවට වගේ වගක් නැත. උන් කළුද සුදුදැයි නොදන්නා ජනතාව ඡුන්දය වර්ජනය කිරීම අරුමයක් නොවන කළ එහි ප‍්‍රතිලාභ ලබන්නෝද හයිරම්පාට් දමාගෙන පෙජරෝ වලින් උඩින් යන මැති ඇමති ගොල්ලෝම වෙති. එවිට උන් හට හොර ඡුන්ද මිටි ගණන් දමාගෙන අපේ පක්ෂය ජනතාව වෙනුවෙන් කළ සේවය මැතිවරණ ප‍්‍රතිඵලයෙන් පෙනෙනවා යැයි උදාරම් කීමට පුළුවන. හැමදාම අසා ඇති මේ බණය නෑසුණා සේ ජනතාව බඩගෝස්තරය රැුක ගැනීමට වෙහෙසෙන්නේ මුන් ජනතාවගේ සේවකයන් බව ද අමතක වී ඇති සේය.


අපේ පක්ෂය අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු කුමක්දැයි හොඳින් දන්නා බවත් එය පක්ෂයේ ජීවනාලිය බඳු බවත් පෙන්වීමට රස්තියාදු ගසමින් මහ ?ටත් බෝක්කු වල දිග පළල මණින කොල්ලෝ කුරුට්ටන් දෙතුන් දෙනෙකුටද අපේක්ෂකත්වය පිරි නමයි. උන් එකෙකුවත් අට පාස් නැත. දං ගෙඩියක් තරම් හෝ මොළ ගෙඩියක් ඇති වුන් මුන්ට ඡුන්දය නොදෙන නිසා ඇමතිලාගේ මහප්පගේ පුත්තු ලිස්සන බෝට්ටුවේම ගොස් බෝඞ් වෙති. 
මේ යතාර්ථය පෙන්වීමට පෙරට විත් සිටින සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාර මොන පොර ටෝක් දුන්නද එක මීඩියාවක්වත් ඒ හ`ඩට ඉඩ නොදෙන නිසා මේ මැතිවරණ රැුස්වීම් අස්සේ සාධාරණ මැතිවරණයක් තබන්නේ කෙසේදැයි පහදා දෙන්නට  අසාධාරණ අපේක්ෂකයන් අස්සට ගොස් පොකැට් මීටින් තියන්නට ඔවුන්ටද සිදු වී ඇත. හය හතර නොදන්නා කුලප්පු කරන ලද බෝක්කු පාළුවන් පොලූ පුගුරු වලින් මේ මහත්තුරුන්ට හොඳට නෙලා ආණ්ඩුවේ බෝඩිමටම ගාල් වෙති.


හැමදා ඡුන්ද සමයේ කරන කියන මේ මුග්ධ ක‍්‍රියාකාරකම් කනකට නොගෙන නොදැක්කාසේ සිටීම හැර ජනතාවට කළ හැකි වෙන දෙයක් නොමැත. අරගල මැදින් ජයග‍්‍රහණය කළ ඡුන්ද අයිතිය බිලි දී ඡුන්දය දාට ගෙදරට වී හොඳ ෆිල්ම් එකක් බලනවා මීට හොදයි කියා සිතා සිටියද සිතිවිල්ලේ වරදක් නැත. නමුත් මේ ක‍්‍රමය පීඩිත ජනතාව හැමදා ඉවසන්නේ නැත.

‘‘මට’’ පෙර ‘‘රට’’ උදාන වාක්‍යයෙන් රට කරවන අයියලා මල්ලිලා රට ජාතිය ගැන බලා ගනීවි. මිලියන දෙකක් වූ සමස්ත ශී‍්‍ර ලංකා වාසී ජනතාවනි ! ‘‘රට’’ ට පෙර ‘‘ඔබ’’ ගැන සිතන්න. එවිට ඔබට රකින්නට රටක් ඉතිරි වේවි.

0 comments:

Post a Comment